IMF ගිවිසුම කුරිරුයි.. දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු ඉවරයි..
වත්මන් රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මහජනතාව ඉදිරියේ සිදුකරන්නේ රැවටීමක් බවත් සැබැවින්ම සිදුවන්නේ ප්‍රශස්තකරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (18) විපක්ෂ නායක කර්යාලයේ පැවැති ශ්‍රී ලාංකික බැංකු පද්ධතිය නියෝජනය කරමින් පැමිණි නියෝජිත හමුවක් අමතමින් පැවසීය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ තමන් ඇතුලු පිරිස විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම නොසගවා පාර්ලිමේන්තුව සහ රටට විවෘත කරන ලෙස රජයට පැවසූ බවත් එවැනි ගිවිසුමකට එළැඹීමට පෙර සියලු දේශපාලන පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ස්ථිර විසදුමක් ලබාගැනීම සිදුවිය යුතු බවත්ය.
නමුත් සිදුවී ඇත්තේ පාලකයන් විසින් ප්‍රමාද වී අයි එම් එෆ් හමුවට ගොස් ආසාර්ථක සාකච්ඡාවකට සහ ගිවිසුමකට එළැඹ එහි කුරිරු ප්‍රතිවිපාක මහජනතාවට භූක්ති විදීමට සැලැස්වීම බවද විපක්ෂ නායක වරයා පැවසීය .
අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කළහොත් ආර්ථිකය හා බැංකු පද්ධතිය අකර්මණ්‍ය වී මහජනතාව තවත් අසරණ තත්ත්වයට ඇදවැටෙන බව පැවසූ විපක්ෂ නායකවරයා මෙය කිසිසේත් රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවිය යුතු බවත් ඉදිරියටත් මේ ආකාරයකින් කටයුතු සිදුකළහොත් පාර්ලිමේන්තු බහුතරයක් නොමැති වුවද ජනබලයක් යටතේ නැගී සිටින බවද ප්‍රකාශ කළේය.
lanlacnews