අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යන බැවින්  මාර්ග අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවය අඩුකරගැනීම අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙහි ලා  මූලික සාකච්ඡාව (16) දින ප්‍රවාහන රාජ්‍ය  අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ මරදාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමේ පළමු පියවර ලෙස ශ්‍රි ලංකා පොලීසියට ලබා දී තිබෙන මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු කෙරෙන ඛේට පරික්ෂණ කට්ටල භාවිතා කරමින් රියදුරු මහතුන්ගේ ඛේට පරික්ෂාවක් සිදුකරනු ලබයි.

එහිදී වෛද්‍යවරයා විසින් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු කෙරෙන පරීක්ෂණ කට්ටල භාවිතා කරමින් මුත්‍රා සාම්පල් පරීක්ෂණයක් සිදුකර අදාළ තොරතුරු පොලීසිය වෙත දැනුම් දෙනු ලබයි. තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා මුත්‍රා සාම්පල් ජාතික රාමධක මණ්ඩලය වෙත යෙමුකරනු ලබයි.

මහින්ද සෙනරත් බණ්ඩාර
මාධ්‍ය ලේකම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *