ෆොන්සේකා ජනපති රනිල්ගේ ගුණ වයයි – ඔහුත් සමඟ දේශපාලන ප්‍රශ්න නැති බවත් කියයි
හිටපු ඇතැම් ජනාධිපතිවරුන් සමග තමන්ට ගැටලු තිබුනද, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තමන්ට දේශපාලන ගැටලුවක් නැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන්ව දේශපාලනයට රැගෙන ආවේද රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු හොරෙකු නොවන බවත්, තමන්ට ඔහු වෙනුවෙන් ආචාර දැක්විය හැකි බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
සමාජ ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා තිබේ.