සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

0

‍සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (16) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු හතරට පක්ෂ නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන පී. හැරිසන් මහතා ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ගනු ලබන තීන්දු සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කිරීමට නියමිත බව ද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *