කටුගස්තොට දොඩම්වල ප්‍රදේශයේ දැල් පාලම මතින් පුද්ගලයෙකු මහවැලි ගඟට පැන අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (15) දහවල් පුද්ගලයෙකු මෙලෙස ගඟට පැන ඇති බවට කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ප්‍රදේශවාසීන් එක්කව අතුරුදන් වූ පුද්ගලයා සේවීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් තවමත් ඔහුව සොයාගැනීමට නොහැකි වූ බවත් පොලීසිය පවසයි.

මෙලෙස දියේ ගිලි අතරුදන් වී ඇත්තේ 68 හැවිරිදි හල්ඔලුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මේ වන විට නාවික හමුදා කිමිදුම්කරුවන්ගේද සහාය ඇතිව කටුගස්තොට පොලීසිය තවදුරටත් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් සිදුකරන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *