පාර්ලිමේන්තුවේ නව මහලේකම් ලෙස “කුෂානි රෝහනධීර” පත් කෙරේ

0

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සඳහා කේ ඒ රෝහණධීර මහත්මිය පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

කේ ඒ රෝහණධීර මහත්මිය මේ වනවිට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරය හොබවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *