දෙමටගොඩ දුම්රිය අංගනයේ වෙඩි තබති…

0

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයට ඇතුළු අනවසරයෙක් ඇතුළුව එහි භාණ්ඩ සොරකම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරින් විසින් අහසට වෙඩි තබා තිබේ.

මෙම පුද්ගලයන් තිදෙනා විසින් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවියක් පැහැර ගෙන පැනයාමට උත්සාහ කිරීමේ දී මෙම පියවර ගෙන ඇත.

මෙම පුද්ගලයන් එහි පැමිණ ඇත්තේ භාණ්ඩ සොරා ගැනීමට බවට ආරක්ෂක නිලධාරීන් සඳහන් කර තිබේ.

ඔවුන් විසින් ඉන්ධන, දුම්රිය අමතර කොටස්, තඹ කම්බි රැගෙන පළා යාමට උත්සාහ කිරීමේදී මෙසේ ආරක්ෂ නිලධාරීන්ට හසුව තිබේ.

පැය දෙකක් පමණ කාලයක් මෙම සොරුන් මෙල්ල කිරීමට උත්සාහ කර ඇති අතර ඉන් එක් අයෙකු පළා යාමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *