ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිම වන තෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මිල ගණන්වලින් පිරිවැය ආවරණය කර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වට් ජහාන් මහත්මිය පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර බොහොමයක ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කළ යුතු බව ද ඇය ප්‍රකාශ සදහන් කරයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (15 දා) කොළඹ මහ බැංකු මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. මෙම සාසච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි නියෝජිතයෝ එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *