ජනතාවගේ වැඩ කරගන්න ජනාධිපති ලගට යනවා..- SJB මන්ත්රීනී රෝහිනී
ජනතාවගේ විවිධ වැඩ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ළඟට යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය සඳහන් කරයි.
දැනට ද තමන් ජනාධිපතිවරයා හමුවී එවන් ප්‍රශ්න විසඳා ගෙන ඇති බවත් ඉදිරියට ද ජනාධිපතිවරයා හමුවන බවත් ඇය සඳහන් කළාය.
නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ජනාධිපතිවරයා හමුවීමට සෑම දෙනාටම හැකි බවත් පැවසූ ඇය ජනතාවගේ වැඩ කර ගත් පසු නැවතත් සමගි ජන බලවේගය පක්ෂයට පැමිණෙන බවද කියා සිටියාය.
මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.