කොළඹ සරසවිය සුපුරුදු පරිදි වැඩ: FUTA කියයි

0

කොළඹ විශ්වවිද්‍යාලය අවට හදිසියේ ආරක්ෂාව තර කිරීම හේතුවෙන් එහි අධ්‍යයන කටයුතුවලට හෝ පාඨමාලා සඳහා සහභාගි වන සිසුන්ට ගැටලුවක් වී ඇති බවක් දැනගන්නට නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ‘මව්බිම’ කළ විමසීමකදී පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කොට ගනිමින් රජයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින්නේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ හා මාධ්‍යවලින් විවිධ පිරිස් චෝදනා එල්ල කළ ද ඒ පිළිබඳව විධිමත් දැනුවත් භාවයක් නැතැයි ‘මව්බිම’ කළ විමසීමකදී මහාචාර්යවරයා සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් නිසි කරුණු විමසීමකින් තොරව කිසිදු විවේචනයක් සිදු කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

කොළඹ විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීමට හේතු වූ කාරණා බුද්ධි අංශ වාර්තා මත පදනම් වූ ඒවා යැයි පැවසුව ද ඒ පිළිබඳව නිසි තොරතුරු සමාජගත කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘මව්බිම’ කළ විමසීමකදී කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *