මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ පසුගිය 12 වනදා තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගය.

මේ අතර ඊයේ (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 08දෙනෙකු හඳුනාගෙන ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් කොවිඩ් ආසාදිතයින් 672,283 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින අතර කොවිඩ් වසංගත තත්ත්වය ද මේ වන විට දිවයිනේ වාර්තා වීමට පටන්ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *