සංගීතය අස්සේ වලියක් බේරන්න ගිය පොලිසියට ගහලා
වීරවිල සත්ව ගොවිපොළ භූමියේ ඊයේ (12) පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ තිදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් අතර නාවික හමුදා සෙබළකු ද සිටි බව පොලිසිය කියයි.
දෙපිරිසක් අතර හටගත් ගැටුමක් පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමට එහි සිටි සැකකරුවන් අතින් පයින් පහර දී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය දැනුම් දීමත් සමගම පොලිස් කණ්ඩායමක් පැමිණ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.