ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති සැමරුම් උත්සවයට ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ උත්සවයට ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය සජබ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මහතාද සහභාගී විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

රාජිත සේනාරත්න මහතා රජයට එක්වන බවට දේශපාලන ලෝකයේ ඉකුත් දිනවල කසුකුසුවක් පැවැතිණි.

ජාත්‍යන්තර හෙද දිනය සමරමින් ඊයේ (12 )මෙම උත්සව පැවැත්විණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *