ගව හොරුන්ට වෙඩි අයෙක් මරුට
(පද්මසිරි ගාර්දියවසම්)
ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොරාගත් මී ගවයන් පටවා ගෙන පැමිණි ලොරි රථයකට අද (11) අලුයම ඇඹිලිපිටිය තෝරකොලයායේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ගව සොරකමේ ගිය එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි .
මියගිය අය වීරකැටිය,හිගුරුමුලන බදුගේයායේ පදිංචි 45 හැවිරිදි සිවුදරු පියකු වූ රිදියගමගේ අරුණ ජයන්ත නමැති අය බවට හදුනා ගෙන ඇත .ඔහු කුලියට ගවයන් පටවන්නකු ලෙස රැකියාව කළ අයකු බව ද පොලිසිය කියයි.
වීරකැටිය යක්ගස්මුල්ලේ පදිංචි කරුවන් දෙදෙනකු තුවාලකරු වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ .ඒ වනවිටත් උදරයට වෙඩි වැදීමෙන් සිදුවූ අධික රුධිර වහනය නිසා ඔහු මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
මළසිරුර රෝහලට බාරදුන් දෙදෙනා වීරකැටිය පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ . අවුරුදු 38 සහ 43වයසේ පසුවන මොවුන් දෙදෙනා ගව සොරකමේ ගිය සැකකරුවන් බව පොලිසිය පවසයි .
lankadipa