ඉන්දියාවේ දැවැන්ත සමූහ ව්‍යාපාරයක් වන ටාටා සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලට ගැනීම සඳහා සොයා බලමින් සිටින බව පුවත්පත් වාර්තා කරයි.

මේ වන විට ටාටා සමාගම ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගමේ ද මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටියි. ඊට අමතරව තවත් ගුවන් ගුවන් සමාගම් කිහිපයක් ද ටාටා සමාගම මෙහෙයවමින් සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ආයෝජකයෙකු ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේ සිදු වූ නමුත් සමාගමේ මූල්‍ය තත්ත්වය අනුව ඒ සඳහා සැලකිය යුතු යෝජනා ඉදිරිපත් නොවීය.

ඇතැම් ආයෝජනයන් දන්වා තිබුනේ ගුවන් සමාගම ලබන පාඩුව පියවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *