වෙසක් බලන්න ගිය පිරිසක් රැගත් ලොරියක් මහ මඟ පෙරළෙයි

0

පානදුර, වලාන මංසන්ධියේ අද (07) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ කොළඹ වෙසක් තොරණ නැරඹීම සඳහා පැමිණි පිරිසක් යළි නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවය.

අදාළ පිරිස රැගත් ජීප් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද උදෑසන 5.30 ට පමණ ජීප් රථ මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුව තිබේ.

කොළඹ සිට කළුතර දක්වා ගමන් කළ පිරිසක් එම ජීප් රථයේ සිට ඇති අතර අනතුරින් එම ස්ථානයේ තිබූ විදුලි කණුවකට සහ මාර්ගයේ යකඩ වැටකට ද හානි සිදුව ඇත.

ජීප් රථය පෙරළීමෙන් තුවාල ලැබූ 10දෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

තුවාලකරුවන් අතර කුඩා ළමුන් තිදෙනෙකු ද සිටී.

අනතුරට පත් පිරිස මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

 

ada derana news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *