තවත් ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් ඉන්දියාවට

0

තවත් ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සරණාගතයින් ලෙස ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු අදාළ පිරිස අතර සිටින බවය.

මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ (06) අලුයම මුහුදු මාර්ගයෙන් ධනුෂ්කෝඩි වෙත ගොස් ඇති බව වාර්තා විය.

පවතින ආර්ථික අර්බුද හමුවේ තමන් මෙලෙස ඉන්දියාවට පැමිණි බව අදාළ පුද්ගලයින් සඳහන් කර ඇත.

මෙම සරණාගතයින් පිරිස ද මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙනයාමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 254කට වැඩි සංඛ්‍යාවක් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *