ශ්‍රී ලංකාවේ ජනතාවට නවීන තාක්‍ෂණයෙන් යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළව ඉන්දියානු රජය ආධාර කිරීමට කැමැත්ත පළ කර තිබේ.

ඊට අදාළ කටයුතු මේ වනවිට ශක්‍යතා මට්ටමේ පවතින බව ත්, ඒ අනුව නව හැඳුනුම්පත හඳුන්වාදීමේ මූලික පියවර ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර ඉකුත් සතියේ පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

මීට අමතරව සූර්ය බල විදුලි ව්‍යාපෘතියක් සහ ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමුව තිබේ.

එසේ ම, ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර ෆෙරි නාවික සේවයක් ආරම්භ කිරීමට අදාළව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙම කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීම ගැන මෙහිදී දෙපාර්ශවය ම එකඟතාවකට පැමිණ තිබේ.

මේ අතර, කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර ෆෙරි සේවය ආරම්භ කිරීමේ කටයුතු අවසන් අදියරේ තිබෙන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *