රුහුණු රට මහා මංගල්‍යයට කප් සිටුවයි
(කේ.ඩි දේවප්‍රිය)
ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ 2023 ඇසළ මංගල්‍යයට කප් සිටුවීම අද උදැසන සුභ මොහෙතින් සිදු කළේය.
මේ අනුව කතරගම ඇසළ මංගල්‍යය ලබන ජුනි 19 වැනි දින ආරම්භ විි පුරා දින 15 ක් පෙරහැර පවත්වා ජුලි 03 වැනි දින ඇසළ පෝය දින අවසන් මහා පෙරහැර පැවැත්විමෙන් පසු පෙරහර නිමාවට පත්වන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදී .
අද දින උදැසන කප් සිටුවීම 5.55 ට යෙදුණු සුුභ නැකතින් සිදු කරන ලද අතර පරම්පරික කපු මහතුන් විසින් කප් සිටුවීම සිදු කරන ලදී.
රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටිි. රත්නායක මහතා සදහන් කළේ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය යනු කදකුරුවන් ගේ සහ වල්ලි දෙවගනගේ විවාහ මංගල්‍යය සනිටුහන් කිරිම පිණිස මෙම පෙරහැර පවත්වා දේව මංගල්‍යය සිහිපත් කරන බවයි.
අතිතයේ දි විවාහ මංගල්‍යක් සිදු වන විට දි අද වර්තමානයේ මෙන් මංගල්‍යයන් උත්සව ශාලාවල නෙගත් බවත් නිවසේ මගුල් මඩුවක් සදවා මංගල්‍යය සිදු කර බැවින් එම චාරිත්‍රය සිහිපත් කර කප් කනු සටුවිිම කතරගම දේවාලයේ ද කදකුමරුවන් ගේ සහ වල්ලි දෙවගනගේ විවාහ වෙනුවෙන් සිදු කරන බව ප්‍රධාන කපුමහතා සදහන් කළේය