මහින්දානන්දගෙන් වෙසක් කලාපයක්.. තොරණ් දෙකක්.. දන්සල් රැසක්..
සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල වෙසක් කලාපය එම පදනමේ සභාපති සහ හිටපු අමාත්‍ය පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් (05) දින පස්වරුවේ විවෘත කෙරිණ.
නාවලපිටිය නගරය කෙන්ද්‍ර කර ගනිමින් එම වෙසක් කලාපය සංවිධානය කර තිබු අතර, එම වෙසක් කලාපය මේ මස (07) දින දක්වා පැවැත්විමට එම පදනම පියවර ගෙන ඇත.
වෙසක් කලාපය තුල රණ මයුර ජාතකය සහ චුත්ත දනුද්දර ජාතකය විදහා දැක්වෙන දර්ශනිය තොරණ් දෙකක් සහ පහන් කුඩු රැසකින් සමන්විත වු අතර, වෙසක් සිරි නැරඹිමට එම කාලපයට පැමිණෙන සියළු දෙනා වෙනුවෙන් දන්සැල් ගණනාවක් පැවැත්විමටද එම පදනම මගින් පියවර ගෙන තිබුණි.
වසර ගණනාවකට පසු නාවලපිටිය නගරයේ වෙසක් කලාපයක් පැවැත්විම හේතුවෙන් එම වෙසක් කලාපය නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටිහ.
වෙසක් කලාපය නැරඹිමට පැමිණෙන පිරිස වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබු අතර, නාවලපිටිය පොලිසිය විසින් ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර තිබුණි.
– රංජිත් රාජපක්ෂ