මත්තලට ගොඩ බා බස් එකේ කටුනායක ආ මගීන්ට දෙන සැප ගැන ශ‍්‍රී ලන්කන් කියයි…
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට කටුනායකට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළට හරවා යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැහැදිලි කිරීමක් කරයි.
සමාගම පෙන්වා දෙන්නේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය රාජකාරි සීමාවන් සම්පූර්ණ කර තිබූ නිසා ගුවන් යානය තවදුරටත් මත්තල ගුවන් තොටුපළේ නවතා තැබීමට සිදු වූ බවයි.
කෙසේ වෙනත් රටවල් වෙත ගමන් කිරීමට නියමිතව සිටි මගීන්ට මත්තල ගුවන්තොටුපල අවට හෝටල්වල නවාතැන් පහසුකම් සලසා දෙන ලද බව ද එම ගුවන් මගීන්ට අදාල පහසුකම් ලබාදීම හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවත් නිවේදනයේ දැක්වෙයි.