ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට පිටිගල පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබේ

0

ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට පිටිගල පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බවය.

පිටිගල මානමිපිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශිය සභාව අසල මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එය ඝාතනයක් බවය.

අනතුරුව සැකපිට අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා මෙම ඝාතනය කර ඇති බවය.

මියගිය කාන්තාව 40 හැවිරිදි වියෙහි පසුවන අතර ඇයගේ සැමියා 25 හැවිරිදි වියෙහි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *