විදේශ ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා විශේෂ පැකේජයක් ඉදිරියේදී හඳුන්වා දීම ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ පවසා සිටියේය.

ඒ අනුව විදේශ ආයෝජන සඳහා අවශ්‍ය රාජ්‍ය මුල්‍ය හා ප්‍රතිපාදන ඇතුළත්ව වරප්‍රසාද පැකේජයක් නුදුරේ දී ඉදිරිපත් කිරීමට නියමිතය‍.

විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය දිරිගැන්වීම ප්‍රමාණවත් ලෙස නොලැබීම විශාල ගැටලුවක් බව ද පැවසු අමාත්‍යවරයා ස්වභාවික සම්පත් මෙපමණ තිබිය දීත් එය නිසි ලෙස සිදුනොවීම පිළිබඳ සියලුදෙනා අවධානය යොමුකළ යුතු බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *