පුංචි ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

0

පළාත් පාලන ඡන්ද වීමසීමේ අපේක්ෂකයන් ලෙස නාම යෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟ ම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් එම අමාත්‍ය මණ්ඩලය තීරණය ගෙන ඇත.

රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විසින් ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඒ අනුව රජයේ නිලධාරීන් තමන් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී ඇති ඡන්ද කොට්ඨාසය තුළ පිහිටි රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනයක රැකියාවක නිරත වී සිටින්නේ නම්, ඔවුන්ට නැවත සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි එම ඡන්ද කොට්ඨාසයෙන් පිටතට ස්ථාන මාරු කර සේවයට වාර්තා කිරීමට ඉඩ සැලසෙනු ඇත.

 

#Media#news#company#srilanka#MediaNews#Group#Wikipedia#Media#news#company#Facebook#www.epuwath.lk#www.epuwath.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *