කියුබාවේ මිනිස්සු හරි සතුටින් තෙල් පෝලිමේ.. මාලිමාව හදන්නේ එහෙම රටක්…

0

ජනතා විමුක්ති පෙරමුණ කියුබාව ආදර්ශයට ගෙන රට හදන්නේ යයි කිව්වද අද වන විට ඉන්ධන නැතිව කියුබාවේ මිනිස්සු සතුටින් පෝලිම් වල සිටිනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඉන්ධන නැතිව කියුබාවේ මැයි දිනයත් අවලංගු කර ඇති බවත් පැවසූ ඔහු මාලිමාව ද හදන්නට යන්නේ කියූ බව වගේ රටක් දැයි ප්‍රශ්න කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බොරැල්ල කැම්බල් පිටියේ පැවති මැයි රැුළිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

‘කියුබාව ආදර්ශයට ගෙන රට හදනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ කිවුවෙ තව කිවුවා පෝලිම් වල කියුබාවෙ මිනිස්සු ඉන්නෙ සතුටින් කියලා අන්න කියුබාවෙ තෙල් නැතුව මැයි දිනයත් අවලංගු කරලා.මාලිමාව නමට විතරයි ඒ අයටත් පාර හොයා ගන්න බැරුව ඉන්නෙ.මම අහන්න කැමතියි තාම ඔය කියුබාව වගේද මේ මාලිමාවෙ සෙට් එක මේ රට හදන්න යන්නෙ කියලා

අපිට ඩීල් තියෙනවා කිවුවට ඇත්ත ඩීල් තියෙන්නෙ අනුර කුමාරලාට නැත්තම් කොහොමද ටවුන් හෝල් එකේ පාර හරස් කරලා වේදිකා ගහලා රැස්වීම් කරන්නෙ.අනික අපිට ගිය ඇවුරුද්දෙ මැයි නවය සිදුවීම් වලට අපිට නඩු දාන්න යනවා මිනී මැරුවයි කියලා.හැබැයි පාර්ලිමේන්තුව වටලන්න කතා කරපු සුනිල් හදුන්නෙත්ති ලාල්කාන්තලාට අඩුම තරමින් පොලිසියක කට උත්තරයක් දෙන්න එන්න කිවුවෙ නෑ. එදා පට පට ගාලා මිනිස්සු කැදෙවුවයි කියපු ලාල්කාන්තලාට කොහෙන්වත් පොලිසියකින් කතා කලේ නෑ.

අනුර කුමාර එදා චණ්ඩියා වගේ එලියට බැහැලා එවුවා කොහෙද අපි බලාගමු කියලා ලොකු පාට් එකක් දැම්මා කෝ එක පොලිසියකින් කට උත්තර ගත්තද ඕවා තමයි ඩීල් කියන්නෙ අපිට ඩීල් ඩීල් කිවුවට නියම ඩීල් කාරයෝ තමයි අනුර කුමාරලා.ඩීල් නැත්තම් මෙහෙම ඉන්න පුලුවන්ද’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *