කසල තේ තොගයක් ගිනි තබා විනාශ කෙරේ…

0

බලපත්‍රයක් නොමැතිව ආගරපතන ප්‍රදේශයේ සිට ගම්පොල වෙලම්බොඩ දක්වා ප්‍රවාහනය කරමින් තිබු කසල තේ කිලෝ 800 ක් සැකකරුවන් තිදෙනෙකු සහ වැන් රථයක් සමගින් වටවල පොලිසිය විසින් ඉකුත් මස (09) දින සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම නඩුව (02) දින අධිකරණය හමුවේ කැද වු අවස්තාවේ සැකකරුවන් දෙදෙනා වරද පිලිගත් නිසා එක් චුදිතයෙකුට රු පහලොස් දහස බැගින් සැකකරුවන් තිදෙනාට රු හතලිස් පන්දහසක දඩයක් ගෙවන ලෙස නියම කර කසල තේ තොගය ගිනි තබා විනාශ කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා නියෝග කලහ.

සැකකරුවන් ඉකුත් මස (09) දින ආගරපතන ප්‍රදේශයේ සිට ගම්පොල වෙලම්බොඩ දක්වා වැන් රථයකින් කසල තේ තොගය රැගෙන යන අවස්තාවේ වටවල පොලිසිය මගින් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් ඇප මත මුදා හැර යලි එම නඩුව (02) දින කැද වු අවස්තාවේ මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කර සිටිහ.

වරද පිලිගත් චුදිතයන් ගම්පොල වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වැන් රථය ඇපකරයක් මත මුදා හැර  යලිත් මෙම නඩුව වෙනත් දිනයක කැදවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

– රංජිත් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *