“බැංකු පද්ධතියට ජනපති තර්ජනය උමතුවක්” – අනුර
තමන්ගේ පදයට නර්තනයේ නොයෙදෙන සෑම ක්ෂේත්‍රයකට ම ජනාධිපති රනිල් උමතුවෙන් තර්ජනය කරමින් සිටින බව ත් ඔහු මෙවර බැංකු පද්ධතියට එම තර්ජනය කරමින් සිටින බව ත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ‘ඉරිදා මව්බිම’ ට පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ණය කපාහරින ලෙස විශේෂයෙන් ම බැංකු පද්ධතියෙන් ඉල්ලා සිටින අතර එසේ නොකරනවා නම් බැංකු විසින් ආර්ථිකය භාර ගත යුතු යැයි උමතු තර්ජනයක් කළ බව ත් ජවිපෙ නායකයා චෝදනා කළේ ය.
“මීට පෙර ජනාධිපතිවරයා දිගින් දිගට ම වාර්තා කළේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනය. නමුත් දැන් ඔහු ඉන් ඉවත්ව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට ගෙන තිබෙනවා. රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ තැන්පතුවලින් සියයට 53%ක් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් 65%ක් ද මහජන බැංකුවෙන් 37% ක් ද ආණ්ඩුවට ණය දී තිබෙනවා.”