සමස්ත වාරි ජලාශවල ජල ධාරිතාව 40% ක මට්ට්මට
පවතින කාලගුණය හේතුවෙන් කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40% ක සීමාවට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි ජල කළමණාාර අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන සඳහන් කළේ, කෘෂිකර්මාන්තය සඳහා මේ වන විට ජලය නිකුත් කිරීමට ආරම්භ කර ඇති බවයි. ඒ අනුව සී සෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.