ජලාශය අසල නිවසකට පස් කන්දක් වැටෙයි… නිවස ජලාශයට ඇදී යමින්…

0

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (21) දින දවස පුරා පතිත වු අධික වර්ෂාවත හේතුවෙන් තලවකැලේ පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ ජලාශය ආසන්නයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් (21) දින කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වි නිවස ජලාශයට නායයාමේ අවධානමක පවතින බව තලවකැලේ පොලිසිය පැවසිය.

2014 වසරේ ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි එහි අවතැන් වු පවුල් කිහිපයකට නිවස ඉදි කර ගැනිම සදහා එම ව්‍යාපෘතිය විසින් ඉඩම් කැබලි ලබාදුන් බවත්, එම ඉඩමේ පෞද්ගලික වියදමින් ඉදි කර ගන්නා ලද නිවස මතට පස් කන්ද කඩා වැටි එම පස් ඉහල කොත්මලේ ජලාශයට වැටි ඇති බවයි නිවාස හිමියන් කියා සිටියේ.පවත්නා තත්ත්වය මත තමන්ට එම නිවසේ පදිංචිව සිටි නොහැකි බවත්, පවතින අවධානම මත තමන් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවයි නිවාස හිමියන් කියා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ

Credit :#epuwath.lk | 2022.10.23 | #https://www.facebook.com/epuwathcom

Leave a Reply

Your email address will not be published. Required fields are marked *