ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයිද…?
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ප්රකාශ කර ඇත.
22 වන සංශෝධනයට අදාළව සිදු වූ සාකච්චාවකදී මන්ත්රීවරුන් කළ විමසීමකට ප්රතිචාර ලෙස ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත.
19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරහමාරක් දක්වා වැඩි කර තිබුණද 20වන සංශෝධනය මගින් එය යලි වසර දෙකහමාර දක්වා අඩු කරන ලදි.
නමුත් 22වන සංශෝධනයේ ඒ සම්බන්ධයෙන් කිසිදු සදහනක් කර නොතිබීම මත වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවීමට බලය බලය ජනාධිපතිවරයාට ලැබේ.