ගණිකා ගාස්තු ඉහලට.. කාමර ගාස්තුත් ඉහලට..

0

පවතින ආර්ථික අර්බුදය මත රට පුරා බොහෝ ප්‍රදේශවල කාන්තාවන් තම පවුල් නඩත්තු කිරීම සඳහා ගණිකා වෘත්තියට නියැලී සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පත වාර්තාවත් පල කරමින් සඳහන් කරන්නේ පවතින අර්බුදය මත එකම ස්ථාවර ආදායම ගණිකා වෘත්තිය බවත් එහි මේ වන විට එහි ගාස්තු ද ඉහළ ගොස් ඇති බවත් ය.

රට තුළ භාණ්ඩ මිල සමග ජීවන වියදමත් ඉහළ ගොස් ඇති නිසා ගණිකා වෘත්තියේ ගාස්තු සහ ඊට අදාල කාමර ගාස්තු ද ඉහළ නංවා ඇති බවයි.

ඊට අමතරව ගණිකා වෘත්තිය වක‍්‍රාකාරයෙන් ප්‍රවර්ධනය කරන දැන්වීම්ද අන්තර්ජාලයේ පළ කිරීම ඉහළ ගොස් ඇති බවද සඳහන්ය.

කලින් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් වැඩි වශයෙන් සීමා වූ මෙම සේවාවන් මේ වන විටත් පිට පලාත් වල ද විසිරී ඇතැයි වාර්තාව කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *