ඝාතනය කළ අතුරුදන් කළ මාධ්‍යවේදීන්ගේ පරීක්ෂණ කඩිනම් වෙයි

පසුගිය පාලන සමයේ දී අතුරුදන් කළ හා ඝාතනය කළ මාධ්‍යවේදීන් පිළිබඳ කාර්යක්ෂම ලෙස අඛණ්ඩව සිදුකරන බව රජය පවසනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලීන්ද ජයතිස්ස මහතා ඊයේ(25) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසුවේ එලෙස ඝාතනයන්ට, විවිධ වධහිංසාවලට හා අඩංතේට්ටන්වලට භාජනය කළ මාධ්‍යෙව්දීන් වෙනුවෙන් සිදුකරන පරීක්ෂණ පසුගිය රජයන් නවතා දැමූ තැන සිට නැවත ආරම්භ කර ඇති බවයි.

එම පරීක්ෂණවල යම් ප්‍රමාදයක් සිදු වනවානම් ඊට හේතු වන්නේ එම පරීක්ෂණ සිදුකළ නිලධාරීන් ඉවත් කිරීම්, සාක්ෂි විනාශ කිරීම්, සාක්ෂි වසන් කිරීම් වැනි තාක්ෂණික කාරණා බවත්, කෙසේ වෙතත් පසුගිය මාස දෙක තුළ දී එම පරීක්ෂණ විධිමත් කර ඇති බවත්, ඔහු පෙන්වා දුන්නා.