වී සඳහා කඩිනමින් සහතික මිලක් ලබාදෙන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලයි
කල් නොයවා වී සඳහා කඩිනමින් සහතික මිලක් ලබාදෙන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ වනවිට වී අස්වැන්න නෙළීම ආරම්භ වී ඇතත්, රජය මගින් වී මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙළක් ආරම්භ වී නොමැති බවයි ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි සඳහන් කර තිබෙනවා
සිය අස්වනු සඳහා සාධාරණ මිලක් හිමි නොවන බවත්, මේ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරන ලෙසයි ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.