ඩුබායි සිට ගෙනා කොටි 3ක හොර සිගරට් ගොතයක් වරායෙන් අල්ලයි

ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධී ලෙස ආනයනය කළ සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බළකාය මගින් සොයාගෙන තිබෙනවා.

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදුකළ විශේෂ පරීක්ෂාවලදී  කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20ක් තුළ සිගරට් 420,000ක් මෙලෙස සඟවා ආනයනය කර තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ සමාගමක් නමට මේවා ආනයනය කර ඇති අතර, රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ පැවසුවේ සිගරට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 31.5 බවයි.