තීරූබදු නොගෙවා වාහන දෙකක් මෙරටට ගෙන් වූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

තීරුබදු රහිතව ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිතා කරන ලද වාහන සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැල්මඩුල්ල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (04) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජීප් රථයක් හා මෝටර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා තිබියදී සොයගනු ලැබුවේ 2024.10 13 වනදායි.

ඒ අනුව පැල්මඩුල්ල පොලීසිය අදාළ වාහන දෙක පොලිස් භාරයට ගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉහත වාහන සන්තකයේ තබා ගැනීම, තීරුබදු රහිතව මෙරටට ගෙන්විම හා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙන්.

සැකකරුවන් අවුරුදු 49, 59 හා 61 යන වයස්වල පසුවන ඇඹිලිපිටිය හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.

සැකකරුවන් ඊයේ පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පැල්මඩුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.